1 වන පරිච්ඡේදය
සවිමන් කබලාන වට-පිට බලා 'නාලිකා' යයි හඬගාමින් වාඩි වූයේ සැටියෙහි ය. අත්ඔරලෝසුව දෙස බැලූ ඔහු 'පහට විස්සයි' සිතින් කියමින් එය කනට ළංකෙළේ ය.
ඔප් නැගීමෙන් දිලෙන ඔහුගේ කළු සපත්තු දෙක පිළිගත්තේ අලුත් බුමුතුරුණකි. කළුවර ලීයෙහි පාටත් ඔපයත් ඇති සැටිය, මැද මේසය, පුටුව හා අළු බඳුන් ගත් කුඩා බංකු ද සාලයෙහි බිමත් උඩත් අවටත් පැතිර සිටි නිල් පැහැය වඩාත් මතු කොට දක්වන අලංකරණයක් වී ය.
No comments:
Post a Comment