පළමු වන පරිච්ඡේදය
පල්හොරු
අම්මා මැරෙන විට මගේ වයස හතකට වැඩි නොවී යයි මගේ තාත්තාත්, සමහර විට කුඩම්මාත් කියනු මා අසා තිබේ. අම්මා මැරුණු දවසේ, තාත්තාත් නැන්දාත් තවත් නෑයනුත් හැඬූ සැටි මට මතක් කළ හැකි ය. එදා මා හැඬුවේ තාත්තාත් අනික් නෑයනුත් හඬන්නට වූ බැවිනි. නැන්දා මා වඩාගෙන මිදුලට බැස මා පරක්කරන විට ගෑනුත් කිහිප දෙනෙකු 'අනේ ! අම්මා නැති දරුවා' යි කියමින් මගේ ඔලුව අත ගා මගේ මුහුණ බලා ගිය සැටි මට අමතක නොවී ය.
No comments:
Post a Comment