1 වන පරිච්ඡේදය
කොග්ගල වූ කලි එක් පැත්තකින් මුහුදින්ද අනෙක් පැත්තෙන් සුන්දර නදියකින්ද සීමා වුනු බිම් තීරයකි. පීත්ත පටියක් සේ දිවෙන ගාලු-මාතර පාරින් වෙන් කරනු ලැබූ මෙහි වෙරළබඩ වනාහි, ගමෙහි සුලභ ගෙයක මිදුලට හෝ ආලින්දයට හෝ සමකළ යුත්තකි. ගාලු-මාතර පාර ළඟින් ම දිවෙන රේල් පාර, පස් කන්දක් මතුයෙහි හොවන ලද, පටන්ගැන්ම හෝ කෙළවර හෝ නොදැක්ක හැකි, හිණක් වැන්න. පස් ගොඩ ගැසීමෙන් තනන ලද රේල් පාර බිමින් ද මහපාරින් ද අඩි කීපයක් උස් වූවකි. පස් කැපීමෙන් හෑරුණු අගල්, රේල් පාර දෙපැත්තෙහි තැනින් තැන දැක්ක හැකි ය. බෝක්කුවක් අසල වන අගලක්, ඇතැම් විට ඔ්ලු නෙළුම් හා මසුන් ද සහිත කුඩා විලක විලාසය ගනී.
No comments:
Post a Comment