Pages

Wednesday, July 29, 2020

කලියුගය - මාර්ටින් වික්‍රමසිංහ මහතා.


1 වන පරිචඡේදය

          දස අවුරුද්දකට පෙර තමන් හැර ගිය ලොකු පුතාගෙන් ලැබුණු ලියුමක් නිසා හටගත් සන්තෝෂයෙන් නන්දාගේ ශෝකාතුර මුහුණ මදක් එළිය වී ය. එහෙත් ඇගේ කට කොනට නැඟුණු මද සිනාව තමාම සරදමට භාජන කරන අවඥාවක වේශය ගත්තේ ය.
          සුළිඟින් නඟින බසින පකුල් අනුව නඟිමින් බසිමින් වැනෙන පාරු, බත්තල් හා සුළුප්පු අතර සිටගත් නැව්, දියෙන් නැඟුණු වානේ කඳන් මෙන් නොසැලෙයි. පියන් ඉවත් වුණු නයිපෙට්ටිවලින් පැද්දෙමින් නැඟින නයිපෙන මෙන් දුම් නල වලින් අකැමැත්තෙන් පිට වන කළුදුම් කෙහෙළි හා අඟුරු මඩු වලින් නඟින දූවිලි ද පිසගෙන එන සුළඟ ආශ්වාස කළ නන්දා කිවිසීමට තනන්නාක් මෙන් නහැය මඳක් හකුළා ගත්තා ය.


No comments:

Post a Comment

Looking For Anything Specific?